රජයේ වෛද්‍ය විද්‍යාල දෙකක් අලුතෙන්
විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු වීමට නම් රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල අතර තරගයක් තිබිය යුතු බවත්, ඒ සඳහා ගුණාත්මක භාවයෙන් යුතු විශ්වවිද්‍යාල ඇතිවිය යුතු බවත් උසස් අධ්‍යාපන හා මාහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (08දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ වසරේ රජයේ වෛද්‍ය විද්‍යාල දෙකක් වයඹ සහ රත්නපුර ආරම්භ කරන බවත්, විදෙස් වෛද්‍ය විද්‍යාල බොහොමයක් ලංකාවට පැමිණීමට කැමැත්ත ඵලකර ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, එම සියලු විශ්වවිද්‍යාල සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන් අනිවාර්යයෙන් ඇතුළත් කරන බවද පවසා සිටියේය.
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටලුවක් ඇත්නම් එය නිරාකරණය කරගැනීමට සයිටම් සිසුන්ට ඇක්ට් 16 (act 16) විභාගයට පෙනීසිටීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා වෛද්‍ය සභාවෙන් ඉල්ලීමක් කළද වෛද්‍ය සභාව එය ප්‍රතික්ෂේප කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
