විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ට අමතර සේවා වෙනුවෙන් ලබාදෙන දීමනා වසර 25 ක සිට ඉහළ නොදැමීමට එරෙහිව අද (02දා) සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
අමතර සේවා වෙනුවෙන් ලබාදෙන දීමනා ඉහළ දැමීමට කටයුතු කරන බවට 2011 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශය පොරොන්දු ලබාදුන් බවත්, එහෙත් මෘත ශරිරයක් විකිරණ පරීක්ෂණ කටයුතුවලට ලක්කිරීම වෙනුවෙන් 1989 වසරේදී ලබාදුන් රුපියල් 50 දීමනාව මෙතෙක් වැඩිකර නොමැති බවත් එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේය.
මීට අමතරව අනෙකුත් පරීක්ෂණ කටයුතුවලට ලබාදෙන දීමනාවද 2001 වසරින් පසු ඉහළ දමා නැතැයිද ඔහු පවසා සිටියේය.
මෙම සියලුම ගැටලු විසඳන බවට 2011 වසරේ පොරොන්දුවක් ලබාදුන්නත් මෙතෙක් එම පොරොන්දුව ඉෂ්ට කිරීමට කටයුතු කර නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ නිසා ඊට එරෙහිව අද (02දා) දහවල් 12.00 - 2.00 අතර සහ සවස 4.00 න් පසු සිදුකළ සියලුම අතිරේක සේවාවලින් ඉවත්ව සිටින බවද හෙතෙම පවසා සිටියේය.