වෘත්තීය සමිතිවල ඉල්ලීමට අනුව පරිපූරක වෛද්‍ය සේවාවේ නිරත වෘත්තිකයන්ටද රාජකාරි වේලාවෙන් පරිබාහිරව පෞද්ගලික වෛද්‍ය සේවාවේ නිරතවීමේ අවස්ථාව අද (09දා) ලැබුණු බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.
වසර 30කට අධික කාලයක් පරිපූරක වෛද්‍ය සේවාවේ වෘත්තියකයන්ට පෞද්ගලික අංශයේ සේවාවල නිරතවීමේ අවස්ථාව අහිමිකර තිබූ බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කළේය.