රජයේ මුදල් පෞද්ගලික පාසල් සංවර්ධනයට යෙදවීම වැරදියි
පෞද්ගලික පාසල් 13ක් සංවර්ධනය සඳහා රජය ආධාර ලබාදීමට ඊයේ (16දා) කැබිනටි මණ්ඩල රැස්වීමේදී ගෙන ඇති තීරණය බරපතළ අදූරදර්ශී, නිදහස් අධ්‍යාපනය විනාශ මුඛයට ඇද දැමීමට හේතු වන තීරණයක් බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප ස්ටාලින් මහතා පවසයි.
මෙම අමාත්‍ය මණ්ඩල තීරණය කිසි ලෙසකින් දරුවන් ඇතුළත් කර ගැනීමේ ගැටලුවට විශ්වසනීය පිළියමක් නොවන අතර සිදුවිය යුත්තේ රජයේ පාසල්වලට අවශ්‍ය සම්පත් හා ගුරුවරු ලබාදෙමින් රජයේ පාසල් සංවර්ධනය පෙරට ගැනීම බව පැවසූ ලේකම්වරයා එම කටයුත්ත පසෙක දමා අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් රජයේ මුදලින් පෞද්ගලික පාසල් දියුණු කිරීමට කැබිනට් අනුමැතිය පැතීම නිදහස් අධ්‍යාපන වළපල්ලට යැවීමේ උත්සාහයක් වන බව පෙන්වා දී ඇත.
එමෙන්ම 5/2015 චක්‍රලේඛය උපයෝගී කර ගනිමින් රජයේ පාසල්වල අවශ්‍යතා සඳහා දරුවන්ගෙන් මුදල් එකතු කරමින් මෙලෙස පෞද්ගලික පාසල් සංවර්ධනයට රජයේ මුදල් යෙදවීම ඉතා ඛේදනීය තත්වයක් බවත් ඒ සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශ්වයන් එම තීරණය වහා අත්හිටුවන ලෙස බලකරම්න් ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


