( Video)ලංකා නැව් සංස්ථාවට හිමිවිය යුතු රජයේ බහාලුම්වලින් 97%ක්ම නැව් සංස්ථාවට නොලැබෙන බව ලංකා නැව් සංස්ථාවේ සභාපති ශෂී ධනතුංග මහතා පැවසීය. මේ වනවිට රජයේ බහාලුම්වලින් 3%ක් ලංකා නැව් සංස්ථාවට හිමිව ඇති බවත් ඉතිරියද හැකි ඉක්මනින් ලංකා නැව් සංස්ථාවට හිමිකර ගැනීමට උත්සාහ දරන බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. “ මේ වෙලාවේ නැව් සංස්ථාවට රජයේ බහාලුම් 3% (කාගෝ) පමණයි ලැබෙන්නේ. නමුත් රජයෙන් නිකුත්කරපු ගැසට් නිවේදනයක සඳහන් වෙනවා රජයේ සියලු ආනයන අපනයන කටයුතු ලංකා නැව් සංස්ථාව හරහා වියයුතුයි කියලා. මේ සම්බන්ධයෙන් මහ බැංකුවද සියලුම බැංකු දැනුවක් කරලා තියෙනවා. කිසිම රජයේ ආනයන අපනයන කටයුතු නැව් සස්ථාව හරහා වෙනවා කියලා කියා නැත්නම් අනුමත කරන්න එපා කියලා. ඒ උනත් මේ වෙලාවේ අපිට 97% ක රජයේ බහාලුම් (කාගෝ) නොලැබෙන තත්ත්වයක් ඇතිවී තිබෙනවා. මේ 97% නැවත අපිටම ලබාගන්නට හැකි සියලුම උත්සාහයන් ගන්නවා.” යැයි ශෂී ධනතුංග මහතා පවසා සිටියේය.
VIDEO