රජයේ දැක්ම අද
දිළිඳුකම පිටුදැකීම සඳහා වන රජයේ දැක්ම සහ තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා වන රජයේ වැඩපිළිවෙළ ඇතුළත් ඉදිරි තෙවසරක රජයේ දැක්ම අද (02දා) ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ප්රකාශයට පත්කිරීමට නියමිතය.
මෙම වසර (2017) දිළිඳුකම පිටුදැකීම සඳහා වන වසර ලෙස රජය නම් කර ඇති අතර, ඒ අනුව අද පෙ ව 9.00 ට පමණ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් 'තිරසර යුගයක ජාතියේ ප්රාර්ථනාව' නමින් තිරසර දැක්ම ප්රකාශයට පත්කිරීමට සැලසුම්කර තිබේ.
2030 තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීම සඳහා ශ්රී ලංකාවේ ගමන්මග පිළිබඳ ජාතික ප්රතිපත්තිය සකස් කිරීමද මෙදින ආරම්භ කිරීමට නියමිතය.
ඒ වෙනුවෙන් 2030 තිරසර සංවර්ධන ඉලක්ක 17 සම්බන්ධයෙන් වන ක්ෂේත්ර 17 හි මෙරට ප්රවීණයන් 17 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් ජාතික ප්රතිපත්තිය සකස් කිරීම ආරම්භ කෙරෙනු ඇත.
අද (02දා) සිට පෙබරවාරි 09 වැනිදා දක්වා දිවයිනේ විවිධ ප්රදේශ ආවරණය වන පරිදි තිරසර සංවර්ධනය පිළිබඳ වැඩසටහන් දියත් කිරීමට සැලසුම් කර ඇති අතර, සංවර්ධන අයිතීන් පිළිබඳවද ජනතාව දැනුවත් කිරීමට නියමිතය. 'තිරසර සංවර්ධනයට සිසු පරපුරේ ආයෝජනය' නමින් තිරසර සංවර්ධන පාසල් සමාජ පිහිටුවීමටද සූදානම් වන අතර, මේ හරහා පාසල් සිසුන් 2000 ක සමාජයක් පිහිටුවීමටද රජය අපේක්ෂා කරයි.
එහි සමාරම්භය ජනවාරි 19 වැනිදා මහනුවර කුණ්ඩසාලේදී ක්රියාවට නැංවීමට සැලසුම් කර තිබේ.තිරසර සංවර්ධනය යටතේ වතුකරයේ කම්කරු ජනතාවගේ අයිතීන් තහවුරු කිරීම සඳහාද කටයුතු කිරීමට සැලසුම් කර ඇති අතර, පෙබරවාරි 09 වැනිදා හැටන් ඩන්බාර් ප්රදේශය ඉලක්ක කරගනිමින් එය ක්රියාත්මක කෙරේ. ජනාධිපති කාර්යාලයේ ප්රධානත්වයෙන් යුතුව තිරසර යුගය සමස්ත වැඩපිළිවෙළ ක්රියාවට නැංවේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

