රාජ්‍ය අංශයේ ගොඩනැගිලි ඉදි කිරීම සඳහා රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පෞද්ගලික ආයෝජන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව සෞඛ්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු යන ක්ෂේත්රයන්හි රජයේ ගොඩනැගිලි ඉදිකිරිමට රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සිදුවෙයි.
මෙවැනි ගොඩනැගිලි ඉදිකිරීමට වාර්ෂිකව අයවැයෙන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවීමත් ඒවා නඩත්තු කිරීම වෙනුවෙන් කාලය හා මුදල් වැය කිරීමට සිදුවීමෙත් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මේ අනුව අදාළ රාජ්‍ය ආයතනය වෙනුවෙන් රජයේ ඉඩමක පෞද්ගලික ආයෝජකයා විසින් ගොඩනැගිල්ල ඉදිකරන අතර වසර 15-20 සහන කාලයකින් පසුව ගොඩනැගිල්ල රජයට පවරා ගැනීමට නියමිතය.
එම ගොඩනැගිල්ල වෙනුවෙන් ආයෝජකයා වෙත සහතික වූ වාරික රජය මිගින් වාරික ලෙස ගෙවීමට නියමිතය.