මාණ්ඩලික නොවන නිලධාරීන්ට කාර්යාල වේලාවේ දී බෑ
මානව හිමිකම් කොමිෂන් සභාවෙන් අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියෝගයක්
රජයේ කිසිදු මාණ්ඩලික නිලධාරියෙකුට මැතිවරණ කටයුතුවල නිරතවිය නොහැකි බවත්, මාණ්ඩලික නොවන නිලධාරියෙකු මැතිවරණ කටයුතුවල නිරතවනවා නම් එය සිදුවිය යුත්තේ කාර්යාල වේලාවෙන් පසු වේලාවන්වලදී පමණක් බවත්, මේ පිළිබඳව සියලු අමාත්‍යාංශවල ලේකම්වරුන්ට නියෝගයක් නිකුත් කරන බවත් මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ආචාර්ය ප්‍රතිභා මහානාම මහතා සඳහන් කළේය.