රජයේ ඉදිර වසර තුනක කාලයක ක්‍රියාත්මක කෙරෙන ආර්ථික ප්‍රතිපත්ති වැඩපිළිවෙළ ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවරගෙන ඇත.
මේ යටතේ සම්මුතිවාදී රජයේ සමාජ, ආර්ථික හා වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ මේ දිනවල කඩිනමින් සකස් කරමින් පවතින බව ජාතික ආර්ථික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
මේ යටතේ ක්‍රියාත්මක කරනු ලබන නොවෙනස් වන ආර්ථික ප්‍රතිපත්තිය සකස් කිරීමේ මූලික වැඩපිළිවෙළ දැනටමත් අාරම්භ කර ඇති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
දයාසීලි ලියනගේ