නව රජයේ දින සියයයේ වැඩපිළිවෙළ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ලබන 19 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට රජය තීරණය කර තිබේ. මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් රජය සතු බවට කථානායකවරයා වෙත දැනුම් දීමට පියවර ගැනීමට පියවර ගෙන ඇති බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගේ සහාය ස්ථිර වශයෙන් රජය වෙත ලැබී තිබෙන බව රජය පවසයි. එම මන්ත්‍රීවරුන් අතරින් 48 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙති. ඔවුන් පසුගිය දින කිහිපය තුළ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෞද්ගලිකව හමු වී ඔහු වෙත සම්පූර්ණ සහාය ලබා දෙන බවට පොරොන්දු වී තිබේ. මෛත්‍රී රජයේ දින 100 තුළ ඉදිරිපත් කිරීමට යෝජිත වැඩසටහනට අනුව නව රජයේ ප්‍රථම පාර්ලිමේන්තුව රැස්වන දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ද ජනවාරි 19 වැනිදාය.