රජය 2030 වර්ෂය වන විට වනාන්තර 39 විනාශ කිරීමට සැලසුම් කර ඇති බවත් , බීජ පනත ඉවත් කරගන්නා බවට රජය මේවනතුරු පැහැදිලි ප්‍රකාශයක් සිදුකර නොමැති බවත් පරම්පරා ගණනක් මුළුල්ලේ දේශීය බීජ සඳහා තිබූ අයිතිය බීජ පනත මගින් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා යටතට පත්වන බවද බීජ අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු චින්තක රාජපක්ෂ මහතා පැවසීය.
ඊයේ (29දා) කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ පැවැති සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙම අදහස් දැක්වීය.