යුද ජයග්‍රහණය පිළිබඳව උදම් අනමින් රට අයාලේ යැවීම නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරවත්, අභ්‍යන්තරවත් ගැටලු රාශියකට මුහුණදී තිබෙන බවත්, ඒ පිළිබඳව ආණ්ඩුව ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩ ලබා නොදී අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරනවා නම් එය රාජතාන්ත්‍රික මට්ටමින් සිදුවිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ජනතාවගේ යහපත වෙනුවෙන් වැඩ කටයුතු සිදුනොකිරීම නිසා ජනතාව ප්‍රශ්න ගොඩකට මැදි වී තිබෙන බවත්, ඒ පිළිබඳව සැලකිල්ලක් නොදක්වා ආණ්ඩුව මැතිවරණ උණුසුමක් රට තුළ ඇති කර තිබෙන බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේය.