ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අයත් වාහන අංගණයක වසා දමා ඇති ගේට්ටුවක් අසල, ඉවත් කරන ලද වාහනයක් යට අත්බෝම්බ තුනක් තිබී සොයාගත් බව පොලීසිය පවසයි.
අද (22දා) පෙ.ව. 10.45ට පමණ මෙම සොයාගැනීම සිදුකර තිබේ. අත්බෝම්බ තුන කොන්ක්‍රීට් කුට්ටියකට සවි වී ඇති බවට විමර්ශනයේදී හෙළිව ඇති අතර, පොලිස් විශේෂ කාර්ය බළකායේ සහාය ඇතිව එය ඉවත්කිරීමට කටයුතු කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.