කෑගල්ල රංවල මහානාග මහ විදුහලේ විදුහල්පති හා එහි ලිපිකාර සේවයේ නියතු ස්වාමීන් වහන්සේ නමක් රුපියල් 60,000ක අල්ලසක් මුදලක් ලබාගැනීමේදී විදුහල් භූමියේදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
පාසලේ හය වැනි ශ්‍රේණිය සඳහා ළමයෙකු ඇතුළත් කිරීමට මෙම අල්ලස් මුදල ලබාගෙන ඇතැයිද, අද (21දා) දිනයේදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවද කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
වසන්ත රෝහණ - කෑගල්ල