ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දෙවැනියට දවාගත් ක්‍රිඩකයා ලෙස චමින්ද වාස් තබා තිබූ වාර්තාව සම කිරීමට දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් සමත්විය. ඒ මේ වන විට දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ෆෆ් ඩු ප්ලේසිස් දවා ගනිමිනි.
ඒ අනුව රංගනගේ සමස්ත ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 355ක් දක්වා ඉහළ ගිය අතර එය චමින්ද වාස් දවාගෙන තිබූ කඩුලු ප්‍රමාණය සමකිරීමක් විය. තවත් එක් කඩුල්ලක් දවාගත හොත් ඔහුට ඩෙනිස් ලීලී හා චමින්ද වාස් අභිබවා යාමට අවස්ථාව ලැබෙයි.