ගල්කිස්සේ ඉඩමක් මිළදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තණියට එළැඹෙන 31 දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕගස්ටා අතපත්තු මහත්මිය නියෝග කළාය.
ඇයගෙන් ප්‍රකාශයක් ලබාගැනීම අවශ්‍ය වුවත් දිගින් දිගටම අය පොලිස් මූල්‍ය අපරාධ ඒකකය මඟ හරින බවද මූල්‍ය අපරාධ ඒකකය අධිකරණයට දැන්වීය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවැසුවේ තම සේවාදායකයාට අගෝස්තු 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටිය හැකි බවයි. ඩේසි පොරොස්ට් 82 වැනි වියේ පසුවන්නීය.