යොවුන් සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ග ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීමට කැබිනට් අනුමැති ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 25% ක් තරුණ ප්‍රජාව නියෝජන කරන අතර, මේ වයස් සීමාව තුළ පුද්ගලයන්ගේ ශාරීරික මානසික වෙනස් වීම්, ජනගහනය හා ප්‍රජනන සෞඛ්‍යය, HIV /AIDS වැළැක්වීම ආදිය මෙම ප්‍රතිපත්තිවලට ඇතුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.