යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු වාර්තා කිරීම සඳහා සම්බන්ධීකරණ කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. තෙවෙනි යොවුන් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම අමතමින් (04) මහරගම තරුණ සේවා සභාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේබව පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, යොවුන් පාර්ලිමේන්තුවේ කතානායක සහ යොවුන් පාර්ලිමේන්තුවේ අගමැතිවරයාගෙන් සමන්විතව මෙම කමිටුව පත් කෙරිණි.
ලබන වසරේ යොවුන් පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා රුපියල් මිලියන 250 වෙන් කර තිබෙන බව පෙන්වා දුන් අගමැතිවරයා ග්‍රාමීය මට්ටමේ සිට තරුණ කණ්ඩායම් සමඟ එකට එකතු වී කටයුත කළ යුතු බව ද සඳහන් කළේය. ග්‍රාම රාජ්‍ය කේන්ද්රට ඇතුළත් කිරීම යෞවන සේවා සමිති ආදිය එකතු කර ගනිමින් ග්‍රාමීය වශයෙන් ඉතා සමීපව කටයුතු කළ යුතු බවත් ග්‍රාම නිලධාරී සේවා වසම් 14,000ක් පමණක් තිබෙන අතර එමඟින් පොකුරු ලෙස ග්‍රාම කේන්ද්‍ර 2500ක් සෑදීම සිදු වන බවත් අගමැතිවරයා පේනවා දුන්නේය. මේ රටේ තරුණ තරුණියන්ගේ අදහස් ශක්තිමත් කිරීමට යොවුන් පාර්ලිමේන්තුව සකස් කරන අතර යොවුන් පාර්ලිමේන්තුව දැනුවත් කිරීම, සඳහා ද ජාතික පාර්ලිමේන්තුව මඟින් කටයුතු කළ හැකි බවත් ජාතික පාර්ලිමේන්තුවේ නොමැති සමාජ මාධ්‍ය සැසි ආදි වැඩසටහන් පවා යොවුන් පාර්ලිමේන්තුව මඟින් ක්‍රියාත්මක කළ හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.