යේමනයේ ෂියා හවුති කැරලිකරුවන් විසින් එරට ජනාධිපති මන්දිරයේ සියතට ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
යේමන් ජනාධිපති අබෙඩ් රබ්බෝ මන්සූර් හාඩිගේ ආරක්ෂාවට සිටින බලඇණියේ අණදෙන නිලධාරීවරයා පවසන්නේ රට තුළ කුමන්ත්‍රණයක් සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ජනාධිපතිවරයා ජනපති මැදුරේ නොසිටි බව වාර්තා වන අතර, නගරයේ තවත් ප්‍රදේශයක පිහිටි සිය පෞද්ගලික නිවසටද ප්‍රහාරයක් දියත් වී ඇති බව වාර්තා වෙයි.
කලාපයේ අල් කයිඩා ත්රස්තයන්ට එරෙහිව සිදුකරන ප්රහාරයන් හිදී ඇමෙරිකාවට පක්ෂපාතී ලෙස කටයුතු කරන ප්‍රධාන රාජ්‍යයක් ලෙස යේමනය සැලකෙන, අතර පසුගිය මාස කිහිපයේදීම රටේ නොසන්සුන්කාරී තත්ත්වයක් පැවතිණි.