යුරෝපා සංගමය කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගත කර පනවා තිබූ තහනම ඉවත් කිරීමට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවගේ අත්සන් එකතු කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා ආරම්භ කර තිබේ.
එළැඹෙන 23 වනිදා පෙ.ව. 9.45ට වැල්ලවත්ත මිලාජ් හෝටලයේදී මෙම අත්සන් එකතු කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට සිය අත්සන ලබාදීමට අවස්ථාව ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.