ශ්රී ලංකා යුද හමුදා කාන්තා බළකාය වෙත උතුරු පළාතෙන් දමිළ තරුණියන් බඳවාගැනීමේ පළමු වටයේදී මුලතිව් හා පුදුකුඩිඉරිප්පු ප්රදේශවලින් දමිළ තරුණියන් 44 ක් ශ්රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ ආධුනික සෙබළියන් ලෙස බඳවාගත් බව ශ්රී ලංකා යුද හමුදාව පවසයි.
මුලතිව් ප්රදේශයෙන් තරුණියන් 20 දෙනෙකු හා පුදුකුඩිඉරිප්පු ප්රදේශයෙන් තරුණියන් 24 දෙනෙකු බඳවාගත් බව යුද හමුදාව සඳහන් කරයි.