‘ලිට්ල් හාර්ට්’ අරමුදල සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රුපියල් මිලයන 70ක මුදලක් පරිත්‍යාග කර තිඛෙන අතර, එම මුදල නිල වශයෙන් අද (10දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දී ඇත. යුද හමුදාවේ සියලුම සාමාජිකයන්ගේ දින භාගයක වැටුප මෙලෙස ලිට්ල් හාර්ට් අරමුදල වෙත පිරිනමා තිබේ. ජනාධිපතිවරයා විසින් එම චෙක්පත ,ලිට්ල් හාර්ට්, අරමුදලේ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ එහි සාමාජික සුමේධ රණසිංහ යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.