යුද හමුදාව හැරගොස් සිටින හමුදා සාමාජිකයන්ට හමුදාවට බාර වී නීත්‍යනුකූලව ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත්කර ඇති දින 24 ක පොදු සමාකාලය එළඹෙන 22වැනිදා දක්වා තවදුරටත් දීර්ඝකළ බව හමුදා මාධ්යප්රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.
ඉකුත් ඔක්තෝබර් 23වැනිදා සිට අද (15දා) දක්වා මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක කර තිබිණි.
ක්‍රියාත්මක පොදු සමාකාලය තුළදී ඊයේ (14දා) වනවිට හමුදාව හැරගොස් සිටි සාමාජිකයන් 8052දෙනෙකු නැවත බාර වූ බවද හමුදා මාධ්යප්රකාශවරයා සඳහන් කළේය.
මෙම පිරිස අතර යුද හමුදා නිලධාරීන් 10 දෙනෙකු සහකැඩෙට් නිලධාරීන් 08 දෙනෙකුද සිටින බව හමුදා මූලස්ථානය නිවේදනය කරයි.
බාර වූඅයගෙන් බොහෝ පිරිසක් හමුදා සේවයෙන් නීත්‍යනුකූලව ඉවත්ව ඇති බවත්, සෙසු පිරිස ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවත් හමුදා මූලස්ථානය නිවේදනය කරයි.