යුද ජයග්‍රහණයේ 5 වැනි සැමරුම පැවැත්වෙන කාලසීමාව තුළ යාපනය විශ්වවිද්‍යාලය වසාදැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ. කෙසේ නමුත් මේ සඳහා නිශ්චිත හේතුවක් තවමත් සඳහන් නොවේ. එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා විශ්වවිද්‍යාලය වසා තබන බව විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා ලිපියක් මගින් සිසුන්ට දැනුම් දී තිබේ.
විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු 21 වැනිදා ආරම්භ කිරීමට නියමිත අතර, යුද ජයග්‍රහණයේ පස්වැනි සැමරුම එළඹෙන 18 වැනි දිනට යෙදී තිබේ.