යුද සමයේදී සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් පැවත්විය යුතු බවත්,රටෙහි අභ්‍යන්තර පරීක්ෂණයන් කෙරෙහි විශ්වාශයක් නොමැති බවත් කියමින් මන්නාරම දිස්ත්‍රික් පුරවැසි කමිටුවවිසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යවා තිබේ.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා යුද අපරාධ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට එකඟ වී ඇති නමුත්, එවැනි පරීක්ෂණයක් තුළින් විශ්වසනීයත්වයක් හෝ සාධාරණත්වයක් අපේක්ෂා කළ නොහැකි බවද එම ලිපියේ සඳහන්කොට ඇත.