ලක්ෂ දෙකක පිරිසක් සිටින ශ්‍රීලංකා හමුදාවේ යුද අපරාධ සිදුකළ හත් අට දෙනෙක් නොසිටියා විය නොහැකි බවත්, නොසිටියා නම් එය යථාර්ථවාදී නොවනු ඇති බවත් ප්‍රාදේශීය සංවර්ධ අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
එබැවින් යුද අපරාධ සිදුකළ පුද්ගලයන් සිටී නම් නිලතල තරාතිරම නොබලා අනිවාර්යයෙන් ඔවුන්ට දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී ලංකාහදබිම අධිකාරියේ උත්සවයකට සහභාගී වෙමිනි.
ලොව වෙනත් රටවල හමුදා තුළත් එවැනි පුද්ගලයන් අතළොස්සක් දැකිය හැකි බවද පැවසූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.