කොළඹ සිට පලෙයි දක්වා ධාවනය කෙරෙන යාල් දේවි ශීඝ්රගාමී දුම්රියේ මැදිරි දෙකක් හදිසියේ අද (04දා) දහවල් 1.30 ට පමණ වවුනියාව මූණ්ඩි මුරිප්පු ප්රදේශයේදී ගැලවී ගිය බවට මූණ්ඩි මුරිප්පු ප්රදේශවාසීහු පවසා සිටිති.
වව්නියා දුම්රිය ස්ථානයෙන් මේ පිළිබඳව විමසීමේදී සඳහන් කළේ, දුම්රියෙහි සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගමන් කළ දුම්රියෙන් දුම්රිය මැදිරි දෙකක් ගැලවී ගිය බවත්, එයින් දුම්රියේ ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුනොවුණු බවත්ය. ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක පීලිවලින් පිට පැනීමක් සිදුනොවූ නිසාවෙන් නැවතත් දුම්රිය පැමිණ ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක සවි කරගෙන පලෙයි දක්වා ගමන් කළ බවද වව්නියා දුම්රිය ස්ථානය සඳහන් කළේය.
මූණ්ඩි මුරිප්පු ප්රදේශවාසීන් පවසා සිටියේ යාල් දේවි දුම්රියෙන් ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක වෙන් වී යාල්දේවි දුම්රිය කිලෝමීටර් භාගයක තරම් දුර ප්රමාණයක් ගමන් කළ බවත්, ඉන් පසුව දුම්රිය නැවත පැමිණ ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක සවි කර ගෙන ගිය බවත්ය.