යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් මස 01 වැනිදා සිට ඔක්තෝබර් 01 වැනි දින දක්වා පුරා මාසයක් වසා තැබෙන බව වාර්තා වේ.
පවතින දැඩි නියඟය හේතුවෙන් සෑම වසරකම මෙම කාලය තුළ වනෝද්‍යානය වසා තැබෙන අතර, මෙම කාලය තුළ සංචාරකයන්ට සතුන් නැරඹීමට අවස්ථාව නොලැබේ.
වසා තැබෙන මසක කාලය තුළදී යාල වනෝද්‍යානය මාර්ග සංවර්ධන කටයුතු හා ආරක්ෂක විධිවිධාන සැලසුම් කිරීම, උද්‍යාන භූමියේ පිහිටි වැව් පොකුණු ප්‍රතිසංස්කරණය කිරීම සිදුවේ.
ආරියපාල රත්නායක - කතරගම