යාල ජාතික උද්‍යානය ආශ්රිත ප්‍රදේශයේ පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කර අන්තර්ජාතික මට්ටමේ ජාතික උද්‍යානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය අද (27) ආරම්භවේ. වනජීවි සංරක්ෂණ අරමුදලේ ප්‍රතිපාදන මත මිලියන 521ක් වැය වන යාල පරිපාලන හා සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය අදියර 05ක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ යටතේ යාල නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා ප්‍රධාන ස්ථාන 03ක් කේන්ද්‍ර කර ගනිමින් සහ (පලටුපාන පිවිසුම, පටනංගල සංචාරක නැවතුම, පරණ තොටුපළ සංචාරක නැවතුම) අදාළ ස්ථානයන් යාවෙන පරිදි සංචාරක පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් සකස් කර තිබේ.