යාපනයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහර දෙයි
යාපනය කෝපායි පොලිස් වසමේ නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී අද (30දා) පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදි කල්ලියක් විසින් තියුණු ආයුධවලින් පහර දීම නිසාවෙන් තුවාල ලත් පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බව කෝපායි පොලීසිය පැවසීය.
කෝපායි කොකුවිල් මාර්ගයේ නන්දාවිල් අම්මාන් කෝවිල ආසන්නයේදී ඊයේ (30දා) දහවල් මෙම පහර දීම සිදු කොට ඇති අතර, අදාළ සිදුවීමට මුහුණ පා ඇත්තේ සිංහල හා දෙමළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා කෝපායි ප්රදේශයේ පැමිණිළි විභාග කිරීමට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී යතුරුපැදි 4කින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී ඇති අතර, එහිදී කැපුම් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්රතිකාර ලබන බවට පොලීසිය සඳහන් කර සිටියේය.
මෙම සිදුවීමෙන් තුවාල ලබා ඇත්තේ මන්නාරම් මුරුන්ගන් ප්රදේශයේ පදිංචි සුරෙන් හා අනුරාධපුර ප්රදේශයේ පදිංචි දම්මික නැමති කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහරදුන් පිරිස් කවුරුන්දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, එම පිරිස් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවද කෝපායි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

