යාපනය අරියාලේ ප්රදේශයේදි යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකුට තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි තබා එක් අයෙකු ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් යාපනය පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් දෙදෙනා එළැඹෙන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට යාපනය මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.
එසේම එදින ඔවුන්ව හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කරන්නැයිද මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන විමර්ශනයන්ට අදාළව සැකකරුවන් අද (03දා) අත්අඩංගුවට ගත්තේය.