පසුගිය වසර කිහිපය තුළ යාපනය අර්ධද්වීපය තුළ හමුදා කඳවුරු 200 ක් පමණ ඉවත් කර ඇති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසේකර මහතා පවසයි.
අලුතින් හමුදා කඳවුරු ඉදිකිරීම් නොකරන අතර, මේ දිනවල කට්ලෛයි ප්‍රදේශයේ ඉදිකර තිබූ හමුදා කඳවුරක් සඳහා යොදාගත් ඉඩම්වල වන්දි ලබාදීමට මැනීම් කටයුතු සිදුකරන බවද වනිගසේකර මහතා පැවසීය.
අද (23දා) ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.