යාපනය, අරියාලේ ප්රදේශයේදී පසුගිය 22 වැනිදා සිදුවූ වෙඩි තැබිමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරනු ලැබූ පරීක්ෂණවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම අද (03දා) සිදුකර තිබේ. ප්රදීප් නිශාන්ත (උපපොලිස් පරීක්ෂක), ඉන්දික පුෂ්ප කුමාර (පොලිස් කොස්තාපල්) මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
ඔවුන් යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්තව සේවය කළ නිලධාරීහු වෙති.