මෙවර මහමැතිවරණයේදී යාපනයේ ජනතාවට කිසිදු බියකින් සැකයකින් තොරව තමන් කැමති නියෝජිතයා පාර්ලිමේන්තුවට තෝරා පත්කර යැවීමට අවස්ථාව උදාවී ඇති බව කැෆේ සංවිධානය පැවසීය. එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මේබව පැවසුයේ අද යාපනයේ පැවති මාධ්‍ය හමුවක දීය. 2008 සිට පසුගිය ජනවාරි 8 වනදා දක්වා පැවැත්වු සෑම මැතිවරණයකදීම ආරක්ෂක හමුදා සාමාජිකයින්, ඒ ඒ හමුදාවලට අයත් සම්පත්, සිවිල් ඇඳුමන් සැරසුනු හමුදා සෙබලුන්, මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වීම නිසා ඡන්දදායකයින් තුළ බිය ජනක තත්වයක් ඇති කළ බව තෙන්නකෝන් මහතා මෙහිදී පැවසීය.
එමෙන්ම අංක තහඩු රහිත වාහන, ගරාජ් අංක සහිත වාහන සහ නාදුනන කණ්ඩායම් උතුරට ගොස් මැතිවරණ කටයුතු වලට සම්බන්ධ වීම නිසා ද මෙම බිය ජනක තත්වය තවදුරටත් වර්ධනය බව කැෆේ සංවිධනයේ විධායක අධ්යක්ෂ වරයා පෙන්වා දුන්නේය.