යාපනය දිස්ත්රික්කයේ තියුණු අවිගත් තවත් බිහිසුණු කල්ලියක් විසින් ඊයේ (14දා) රාත්රියේ ස්ථාන 4 කදී පුද්ගලයින් 8 දෙනෙකු කපා පලා යාම හේතුවෙන් යාපනය ජනතාව තුළ නැවතත් බියක් හටගෙන ඇත.
මෙසේ ආයුධ ගත් පිරිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවත්, ආයුධ ගත් පිරිස්වලට මේ වනවිට දේශපාලන ශක්තියක්ද ලැබී තිබෙන බවද යාපන වැසියෝ පවසති.
මේ අනුව ඊයේ දින රාත්රියේ මණිපායි පොලිස් වසමේ සංගුවේලි උතුර ප්රදේශයේ අද දින විදෙස්ගත වීමට සූදානම් වූ පවුලක තිදෙනෙකු හා ත්රිරෝද රථ රියදුරෙකු ඊයේ රාත්රියේ යතුරු පැදි 5කින් පැමිණි පිරිසක් විසින් කපා දමා පලා ගොස් ඇත.
ත්රිරෝද රථ රියදුරෙකු පසුපස හඹා ආ යතුරුපැදි කල්ලියට බිය වූ රියදුරු නිවසට දිව යාම නිසා නිවසේ සිටි පිරිසද අවිගත් පිරිස විසින් කපා දමා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙම යතුරු පැදි කල්ලිය යන අතරමගදී නැවත යාපනය පොලිස් වසමේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුද කපා ගොස් ඇති අතර, කෝපායි පොලිස් වසමේ මුකමඩම් ප්රදේශයේ මාර්ගයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකුද තියුණු ආයුධවලින් කපා අදාළ යතුරුපැදි කල්ලිය පලා ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි.
ඉන් අනතුරු ඊයේ රාත්රී 9.30 ට පමණ කොණ්ඩාවිල් බස්නැවතුම්පළ ඉදිරිපිට පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුටද මෙම පිරිස පහරදී ඇතැයි යාපනය පොලීසිය සඳහන් කරයි.
මෙලෙස ආයුධ ගත් පිරිසක් විසින් ස්ථාන කිහිපයකදී පුද්ගලයින් කපා දැමුවද මේ දක්වා කිසිවෙක් පොලිස් අත්අඩංගුවට ගැනීම නොහැකි වී ඇති අතර 13 වනදාද මණිපායි හා කෝපායි පොලිස් වසම්හි පුද්ගලයින් සිවු දෙනෙකු කපා කොටා ඇති බවටද යාපනයේ වැසියෝ පවසා සිටිති.
කෙසේ වෙතත් අදාළ කැපීම් හේතුවෙන් ගත වූ දින දෙක ඇතුළත පුද්ගලයන් 12 දෙනෙකු බරපතළ කැපුම් තුවාල සහිතව මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබයි.