යාපනය නල්ලූර් අරසඩවීදි මංසන්ධියේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයන්ට තුවාල සිදුකළ හා වෙළෙඳසැලකට ගිනිතබා අලාභ හානි සිදුකළ බව කියන යතුරුපැදි කල්ලියේ පස් දෙනෙකු යාපනය කෝපායි තවසකුලම් ප්රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව යාපනය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගත් පිරිස සතුව තිබූ කඩු 4ක්, අත් පොරෝ 1ක්, කෙටේරි 1ක්, යතුරු පැදි 1ක්ද, පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරුවන් අද (01දා) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.
තවත් අපරාධ කිහිපයකට එම කල්ලියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණයක් යාපනය පොලීසිය මගින් ආරම්භ කර තිබේ.