යාපනයේ සිදුවූ පහරදීම්වලට වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට සිදුකරන විමර්ශනවලට අදාළව ඊයේ හා පෙරේදා දිනයන්හි පමණක් සැකකරුවන් 41ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
සිද්ධීන් සම්බන්ධයෙන් උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකෙරේ.
සැකකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් තුනකින් පරීක්ෂණ පවත්වයි.