යාපනය විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් සියලු දෙනා පංති වර්ජනය කිරීම හේතුවෙන් වසා දැමුණු යාපනය සරසවියේ සියලු පීඨයන්හි අධ්‍යාපනික කටයුතු ලබන 13 වන සඳුදා සිට ආරම්භ කරන බව උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා නිවේදනයකින් දැනුම් දී ඇත.
දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසටත් අනුරාධපුර බන්ධනාගාරගේ උපවාසයේ යෙදී ඇති සිරුකරුවන් තිදෙනාට විසඳුමක් ලබා දෙන ලෙසට ඉල්ලමින් යාපනය සරසවි සිසු සිසුවියන් පංති වර්ජනය කිරීම හේතුවෙන් කලා ,විද්‍යා හා කනාකරණ පීඨයන් පසුගිය ඔක්තෝම්බර් මස 30 වනදා වසා දින නියමයික් නොමැතිව වසා දැමුණි.
මේ අනුව යාපනය සරසවිය වසා දැමීම හේතුවෙන් නිවෙස් වෙතට ගිය සියලු සිසු සිසුවියන්ට ලබාන 13 වන සඳුදාට පෙර නැවත සරසවියේ නේවාසිකාගාර වෙතට එන ලෙසටද යාපනය සරසවියේ උපකුලපති රත්නම් විග්නේෂ්වරන් මහතා විසින් වැඩි දුරටත් දැනුම් දී ඇත.