යාපනය නල්ලූර් කොවිල අසළදි සිදු කළ වෙඩි තැබිමට සම්බන්ධ ප්‍රධාන සැකකරු යාපනය පොලීසියට භාර වී තිබේ. අද (25දා) පෙරවරුවේ ඔහු පොලිසියට භාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසාරග ඉලන්චේලියන් මහතාගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ පොලිස් සැරයන් සරත් ප්‍රේමචන්ද්‍ර මහතා මිය ගිය අතර අනෙක් පොලිස් නිලධාරියා තුවාල ලැබීය.
පොලීසියට භාර වී ඇත්තේ සේල්වරාසා ජයන්දන් නැමැති 39 හැවැරිදි පුද්ගලයෙකි.