යාපනය මහනගරාධිපති වශයෙන් එම්මානුවේල් ආනොල්ඩ් මහතාට යාපනය ජනතාවගේ වැඩි කමත්තක් පවතින් හෙයින් ඔහු එම තනතුරට සුදුසු බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසා ඇත.
සමුන්තිරන් මහතා මේ බව පවසා ඇත්තේ ඊයේ (14දා) රාත්රියේදී යාපනයේ පිහිටි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ කාර්යාලයේදී දෙමළ ජාතික සන්ධානයේ පක්ෂ සාමාජිකයින් පැවැත්වූ පක්ෂ සාකච්ඡාවකදීය.
යාපනය මහනගරාධිපති වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සොලමන් සිරිල් සුදුසු බවට ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා ඇතුලු පිරිසක් නම් කළ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් පවසා ඇත්තේ සොලමන් සිරිල්ට වඩා යාපනයේ ජනතාවගේ කැමත්ත ප්රකාශ කොට ඇත්තේ එම්මානුවෙල් ආනෝල්ට බැවින් බහුතර ජනතාවගේ කැමත්තට ඉඩදිය යුතු බැවින් එම්මානුවෙල් යාපනය මහනගරාධිපති වශයෙන් සුදුසු බවටයි.