යාපනය, කොටුව ප්රදේශය ඓතිහාසික ස්ථානයක් මෙන්ම ජාතික උරුමයක් ලෙස නම් කරන්නැයි ඊ.පී.ඩී.පී. පක්ෂ නායක පා.ම. ඩග්ල්ස් දේවානන්දා මහතා අද (05දා) පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
ස්ථාවර නියෝග 23/3 යටතේ ප්රකාශයක් කරමින් හෙතෙම මේ බව පැවසීය. ගාලු කොටුවට පසුව ලංකාවේ පවතින විශාලතම ස්ථානය යාපනය කොටුව බවත්, අක්කර 52 ප්ර‘දේශයත් පුරාවට මෙය අතර ඇති බවත් ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේය.
සංචාරකයන් උතුරට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළක් වත්මන් රජයට තිබෙනවාදැයි හෙතෙම ප්රශ්න කළේය.
ඕලන්ද ජාතිකයන් විසින් 1625 දී මෙය ඉදිකිරිම් ආරම්භ කර 1629 දී ඉදිකිරීම් අවසන් කළ බවත්, එහි හින්දු කෝවිලක්, ක්රිස්තියානි පල්ලියක් මෙන්ම ඓතිහාසික ස්ථාන රැසක් ඇති බවත් මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
යුද්ධය අවසන් වී වසර 06 ක් ගතවී ඇති මේ වසරේ උතුරට සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ මෙන්ම යාපනය කොටුව ජාතික උරුමයක් බවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන ලෙසද මන්ත්රීවරයා ඉල්ලා සිටියේය.