පවතින වැටුප් ගැටලු විසඳීම සඳහා බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන නිසා හෙට (08දා) මධ්‍යම රාත්‍රී 12.00 සිට සේවයෙන් ඉවත්වන බව දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම වැඩ වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, රියදුරන්, නියාමකවරුන් සහ පාලකවරුන් සහභාගි වන බවත්, මේ නිසා දුම්රිය සේවාව 90%ක් අඩපණ වන බවත් එම සංගමයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය.
දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී කමිටුවක් පත්කළ බව ඔහු පවසා සිටියේය.
මෙම කමිටුව වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කර තිබෙන බවත්, එහෙත් මෙතෙක් එම පත්‍රිකාව සම්මත කර නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා තම ගැටලු විසඳාගැනීම සඳහා අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බවත්,අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු එම වැඩ වර්ජනය ආරම්භ කරන බවත් සම කැඳවුම්කරු සඳහන් කළේය.
ගැටලු විසඳනතෙක් වැඩ වර්ජනය සිදුකිරීමට තීරණය කර තිබෙන බවද හෙතෙම කියා සිටියේය.