2015 වසරේදී කිසිඳු සංවර්ධන ව්‍යාපෘතියක් නොමැතිව යහපාලන ආණ්ඩුව ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නව වතාවකදීත්, 2016 දී හය වතාවකදීත්, 2017 දී සිව් වතාවකදීත් සංවර්ධන බැඳුම්කර යහපාලන ආණ්ඩුව විසින් නිකුත් කර ඇතැයි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඒ අනුව පසුගිය වසර තුන ඇතුලත එම මූලාශ්‍රයෙන් පමණක් ඇ.ඩො. බිලියන 7.7 ක් ණයට ගෙන ඇති බවත් තම කාලසීමාවේදී එසේ ලබාගත් ණය ප්‍රමාණය ඇ.ඩො. මිලියන 350 නොයික්මවූ බවත් සඳහන් කරයි.
අද (27දා) මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පැවැසීය. එසේම වත්මන් ආණ්ඩුව බලයට පැමිණ දා සිට ලබාගත් සම්පූර්ණ විදේශ විනිමය න්‍ය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 16.7 ක් බවත් ලබාගත් රුපියල් ණය ප්‍රමාණය ට්‍රිලියන 6ක් වන බවත් එම නිවේදනයේ දැක්වෙයි.