යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (23දා) විහාරමහාදේවි එළිමහන් රංග පීඨයේදී එළිදැක්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්රජාතන්ත්රවාදී කණ්ඩායම, ජාතික හෙළ උරුමය ඇතුළු දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධානවලින් සැදුම්ලත් යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ මැතිවරණයට තරග කිරීම සඳහා පසුගිය 10 වැනිදා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය.
යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ සිවිල් සංවිධානවලින් ලබාගත් අදහස් අනුව සකස් කර ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ අවස්ථාවට එක්සත් ජාතින පක්ෂ ජාතික නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයන්, නියෝජිතයන් සහ සිවිල් සංවිධාන නියෝජිතයන් සහභාගිවීමට නියමිතය.
මෛත්‍රී පාලනයක් සඳහා වූ ප්රතිපත්තිවල දිගුවක් ලෙස එළිදක්වන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට රැකියා දස ලක්ෂයක් ලබාදීම, රටේ ආර්ථිකය දියුණු කිරීම හා ඖෂධ ඉන්ධන රට තුළ නිෂ්පාදනය කර ගැනීමට අදාළ සැලසුම් හා පැල්පත් නැති මතින් තොර රටක් නිර්මාණය කර ගැනීමට අදාළ සැලසුම්ද ඇතුළත් කර තිබේ. හොරබොරු නැති රටක් ගොඩනැගීමට අවශ්‍ය සැලසුම්ද මෙම ප්‍රකාශයට ඇතුළත් කර ඇත.