යහපාලන ගමන ඉදිරියට යෑම වළක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු යැයි දමිළ ප්රගතිශීලී සන්ධානය සඳහන් කරයි.
ජනවාරි 08 වැනිදා ඇතිවූ වෙනසත් සමග රට ඉදිරියට ගමන් කරමින් සිටින බවත්, එහෙත් ජනවාරි 08 වැනිදා වෙනසට සහයෝගය ලබානොදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇතැම් පිරිස් යහපාලන ගමන ආපස්සට හැරවීමට උත්සාහ ගනිමින් සිටින බවත් එම සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පී. දිගම්බරම් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් ඉවත් වුවද එක්සත් ජාතික පෙරමුණට තනිව ආණ්ඩුව ගෙන යෑමට හැකි බවද අද (28දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවදී හෙතෙම සඳහන් කළේය.