යල කන්නයේදී අක්කර 80000කට මොරගහකන්දේ ජලය
මෙවර යල කන්නයේදී ගොවිබිම් අක්කර 80000කට මොරගහකන්ද ජලාශයෙන් ජලය ලබාදීමට හැකියාවක් ඇති බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
මොරගහකන්ද ජලාශයේ ජලය කෘෂිකර්මාන්තය වෙනුවෙන් මුදාහැරීම ඇරඹීමත් සමග පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ යන ජලාශ හරහා වියළි කලාපීය ගොවිබිම් වෙත නොඅඩුව ජලය ලබාදීමේ හැකියාව මෙවර යල කන්නයේ දී ලැබීමත් සමග මෙසේ අක්කර 80000කට ජලය ලබාදීමට හැකිය ඇතැයි එම නිවේදනයේ දැක්වෙයි.
ඒ අනුව මෙතෙක් ජල කාල සටහන අනුව සීමිතව සහ විටින් විට පමණක් ජලය සැපයුණු වියළි කලාපීය ගොවිබිම් අක්කර 80000 ක් වෙත යල කන්නයේ දී ප්‍රමාණවත් ලෙස ජලය ලබාදීමට හැකියාව ලැබී ඇත.
මේ වනවිට පරාක්‍රම සමද්රයේ ජල ධාරිතාව අක්කර අඩි 116000 ක් ද ගිරිතලේ අක්කර අඩි 10100 ක් ද මින්නේරිය ජලාශයේ අක්කර අඩි 74500 ක් ද ලෙස පිරී පිටාර මට්ටමට ආසන්නව පවතී.
එසේම මොරගහකන්ද ජලාශයෙන් නිෂ්පාදනයට අපේක්ෂිත විදුලිබල ධාරිතාව මෙගාවොට් 25 ක් වන අතර ඒ වෙනුවෙන් ක්‍රියාත්මක විදුලිජනක යන්ත්‍ර 4 න් 3 ක් මේ වනවිට ක්‍රියාත්මකව පවතී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


