යල කන්නයේ කීරි සම්බා වී කිලෝවට රු 50
මේ වසරේ යල යන්නයේ වගා කළ කීරී සම්බා ඇතුළු සම්බා වර්ගයේ වී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 50 ක්ද, නාඩු වර්ගයේ වී වර්ග සඳහා කිලෝග්‍රෑම් එකකට රුපියල් 45 ක්ද ගෙවීමට රජය තීරණය කර තිබේ.
මෙම කාර්යය සඳහා ප්‍රා‘දේශීය ලේකම්වරුන් ඇතුළු අනෙකුත් ප්‍රා‘දේශීය සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්ගේ පූර්ණ සහයෝගය ලබාගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වෙයි.
වී අලෙවි මණ්ඩලය ඍජුවම ගොවීන්ගේ වී මිලදී ගෙන ආසන්නම පිහිටි මහජන බැංකුවේ සහ ලංකා බැංකුවේ ශාඛා මගින් මුදල් ගෙවීම සිදුකරයි.
ඒ අනුව පසුගිය මහ කන්නයේදී සිදුකළ ආකාරයට දිස්ත්‍රික් ලේකම්වරුන්ට මුදල් නිදහස් නොකිරීමට රජය තීරණය කර තිබේ.
විකිණීම සඳහා ගොවිජන සේවා මධ්‍යස්ථාන කරා රැගෙන එන වී තොගවල විශ්වාසනීයත්වය සහ ගොවීන්ගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා ඇත.
ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහොර මිලදී ගෙන කන්නය තුළ වී වගාවේ නිරතවූ එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 200 ක උපරිමයකට යටත්ව මිලදී ගැනීමට රජය සැලසුම් කර තිබෙන අතර, වී මිලදී ගනු ලබන ගොවීන්ගේ නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරයි.
මෙම කන්නයේදී වී මෙට්‍රික් ටොන් 12,000 ක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 06 ක මුදලක් වෙන් කර තිබේ.
ස්වකීය පරිභෝජන අවශ්‍යතා ඉක්මවා වී වගාකර ඇති දිස්ත්‍රික්කවල සමස්ත අස්වැන්නෙන් 7෴ ක ප්‍රමාණයක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

