මාර්ග නීති උල්ලංඝනය කරමින් සහ නොසැලකිලිමත් ලෙස යතුරුපැදි ධාවනය කිරීම නිසා ගෙවී ගිය දින 365 ක කාලය තුළදී යතුරුපැදිකරුවන් සහ පසු පැදිකරුවන් දහසක් මිය ගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙහිදී 367 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ මං තීරු නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ ගමන් කිරීම නිසා වෙනත් වාහනවල ගැටීම හේතුවෙන් බවද පවසා සිටියේය.මීට අමතරව 334 දෙනෙකු මිය ගොස් තිබෙන්නේ මං තීරු නීතිය උල්ලංඝනය කරමින් ගමන් කිරීම නිසා යතුරුපැදිවල ගැටීමෙන් බවත්, යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා එය පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී යාමෙන් යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් 299 දෙනෙකු මිය ගොස් තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ නිසා යතුරුපැදි ධාවනය කිරීමේදී මාර්ග නීති නිවැරදි ලෙස පිළිපදිමින් තමන්ට පාලනය කර ගත හැකි වේගයකින් යතුරුපැදි ධාවනය කරන ලෙසද පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.