ඹබර ප්‍රහාරයට ලක් වූ සිසුන් ගණන 69 දක්වා ඉහළට
(UPDATE) මැදිරිගිරිය තිස්සපුර ශ්‍රී ආලෝකාරාම විහාරයස්ථානයේදී බඹර ප්‍රහාරයට ලක්ව රෝහල් ගත කළ සිසුන් ප්‍රමාණය මේ වන විට 69දක්වා ඉහළ ගොස් තිබේ.
----------------------------------------------------------------------------------------------------
පොළොන්නරුව මැදිරිගිරිය, තිස්සපුර ශ්‍රී අලෝකාරාම විහාරස්ථානයේ දහම් පාසලේ ඉගෙනගනිමින් සිටි සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.
අද (01දා) පෙ.ව. 10.40 ට පමණ එම විහාරස්ථානයේ ආවාසගෙයි වහලයේ තිබූ බඹර කූඩයක බඹරුන් දහම් පාසලේ සිසුන්ට මෙසේ පහර දී තිබේ.
බඹර ප්‍රහාරයට ලක්වූ දහම් පාසල් සිසුන් 63 දෙනෙක් මේ වනවිට මැදිරිගිරිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබති.
එම දහම් පාසලේ සිසුන් බේරාගැනීමට ගිය පුද්ගලයන් සිවුදෙනෙක්ද බඹර ප්‍රහාරයට ලක්ව ඇති අතර, ඔවුන්ද මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.
මින් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් වාර්තා වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

