ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මාර්තු මාසයේදී ශ්‍රී ලංකා සංචාරයක් සඳහා පැමිණෙනු ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණියගොත් 1987 වසරේදී ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතාගෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව ලෙස මෙය සටහන්වෙනු ඇති.
මේ අතර ඉන්දීය සංචාරයක් සඳහා එක්ව තිබෙන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දීය මාධ්‍යයට පැවැසුවේ ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා සංචාරයකට එක්වෙනු ඇති බවයි.